අමනාපය ...

 දවස් ගණනක් බලා උන්නද 

ඔබේ වෙනසක් නෑ වගේ.... 

මෙතෙක් කල් මං බලන් උන්නේ 

යාලු වෙයි කියලා අනේ...

හිතේ නම් කිසි විටෙක තරහක් 

ඇති වුනේ නම් නෑ මගේ... 

නුඹ මගේ පණ වගේ හින්දයි 

මෙතෙක් කල් මං ඉවසුවේ... 

දවස ගානෙම නුඹව සිහිවෙන විටදි 

දුක නම් වැඩි වගේ.. 

එත් මං දැන් මක් කරන්නද ?

ඔබ තාම තරහින් වගේ... 

නුඹේ සමහර වදන් මට නම් 

පපුවෙ කටු අනිනව වගේ.. 

එත් කහටක් නෑ හිතේ මගෙ 

නුඹයි මගෙ ලෝකය උනේ... 

නුඹේ තරහා ඉවර වෙනකම් 

බලන් ඉන්නම් මං ඔහේ ..

ඉතින් හනිකට යාලු වෙනවද ?

සිතින් පෙම්වතියයි මා ඔබේ.....  


Comments

Post a Comment

Popular posts from this blog

කවියක්ය නුඹ මට....

බලාපොරොත්තුව...,

හිමිකම.. ....