Posts

Showing posts from January, 2022

අවැසිය මට ....

Image
 අවැසිය හිතක්  ලඟින් හිඳ සැනසෙන්නට....  අවැසිය  පෙමක්  මුළු හිතම නිවාලන්නට..... අවැසිය සවියක් මේ දිවිය ජය ගන්නට... ඉතින් කවද හමුවේවිද ..? ඒ වගේ හිතක්  මට සැනසෙන්නට....     

මුහුණු - රුවන් බන්ධුජීව

    මුහුණු - රුවන් බන්ධුජීව                                               නූතන   කාව්‍ය සාහිත්‍ය තුළ පෙරමඟ සනිටුහන් කරන අපූර්ව කාව්‍යදරයෙක් ලෙස රුවන් බැන්ධුජිව දැක්විය හැකිය. "මීළඟ මීවිත " කාව්‍ය සංග්‍රහයේ එන "මුහුණු " නැමැති පද්‍ය පන්තිය මෙහිදී සුවිශේෂී වේ . සහෘදයාගේ   චිත්ත සන්තානයට ආමන්ත්‍රණය කරමින් ඔහු කාව්‍යකරණයෙහි ලා දක්වා ඇති ප්‍රතිභාව   අපූර්වය .                                            විරහවේ ශෝකයෙන් තැවෙන ප්‍රේමවන්තයෙකුගේ   ශෝකාලාපය මෙම පද්‍ය නිර්මාණය වීමෙහි ලා තේමාව වී ඇත . ඒ තුළ සහෘදයාගේ සිත්හි සංවේගාත්මක සිතිවිලි උද්දීපනය කිරීමට කවියා දක්වා ඇති දක්ෂතාවය අපූර්වය . වචන වලට එහා ගිය ගැඹුරු අරුතක්   කැටි කරමින් මෙම   පද්‍ය පන්තිය නිර්මාණය වී ඇත .                                            මෙම පද්‍ය   තුළ පෙම්වතිය සහ පෙම්වතා හමුවූ ස්ථානය හෙවත් “ ගඟ ” පිළිබඳව ඉතා අපූර්ව වර්ණනයක් කවියා විසින් හුවා   දක්වා ඇත . ඔවුන්ගේ ආදරයේ සංකේතය මෙම ගංගාව වූ බව මෙහිදී ප්‍රකට වෙයි .                                                    “ ගඟේ මුහුණත්             

Online සරසවිය....

Image
  දවස ගානේ zoom අස්සේ  Lectures ඇත අහස උසකට  Connection නැති උනෝතින් නම්  කන්න වෙන්නේ වහ ටිකක්මය   සෙම් එකේ මුළු Note ඔක්කොම  ගොඩගැහී ඇත බලන හැම අත  Exam ළඟ ළඟම එන්නේ අපේ කරුමෙට දැයි සිතේ මට   Assigntment දෙයි දවස ගානෙම  ඉවර කරනට කාලයක් නැත  අනේ අපි මේ කුමක් කරමු ද? තිත්ත වෙයි විටෙක නම් ඔක්කොම   කන්න බොන්නට වෙලාවක් නැත  යන්න එන්නට නිදහසක් නැත Online සරසවියේම අපි දැන්  කොටස්කාරයො වී හමාරය ...   

නමක් නැති පෙම්වතා..

 ඉදින් මා දුටු සුන්දරම පිරිමියා නුඹයි..අපිරිමිත වූ ප්‍රේමයේ ප්‍රතිමූර්තිය මා ඔබ තුළින් දුටිමි.වින්දෙමි.අදටත් එහි කිසිදු  වෙනසක් නැත.පියා නැති මගේ ලෝකයේ අඩුව පිරවීමට ඔබ පැමිණියා දැයි විටෙක මම සිතුවෙමි.ඔබේ වදන් මා ගත මෙන්ම සිතද සුවපත් කිරීමට තරම් මිහිරිය.සුන්දරය.ඔබේ හැසිරීම,ඔබේ කතාබහ මා  තුළ ඇති කලේ අමුතුම වූ ප්‍රහර්ෂයකි.ඉදින් ඒ තරමටම ඔබ මගේ ආත්මය හා බැඳී ඇති බවට නොරහසකි.කවුරුත් නොදන්නා අපේ ප්‍රේමය අදටත් මා ආවර්ජනය කරනුයේ ඉතාම ලැදියාවෙනි,එය මට කටුක උවද ඒ තුල ඇති සුන්දරත්වයට මා අදටත් ප්‍රේම කරමි,ඔබව මට සිහි නොවෙන දිනයක් නොමැති තරම්ය .ඒ තරමටම ඔබට මා බැඳී ඇති බව පවසමි.ඔබටත් මා හට මෙන්ම මේ සියල්ල මතක දැයි ,ආවර්ජනය වනවා දැයි මම ඔබෙන් නොඅසමි .මන්ද යත් ඔබ දැන් මගෙන් වෙන් වී හමාරය.ඔබ ඇය හා එක් උවද ඒ පිලිබඳ හිතේ කහටක් නොමැත මා හට.පතන්නෙම තුටින්  ඉන්නට ඔබ දෙදෙන.ඔබේ ලෝකයේ කිරුළු පළදන්න බලා සිටියද වෙනකෙකු එම අඩුව පුරවා හමාරය. නමුදු සොඳුරේ,,මා පෙම් කරමි අදටත් එදා පෙම් ලොවේ දුටු ඔබට පණ මෙන්..ඉදින් මාගේ කුළුඳුල් පෙම්වතා එදත් අදත් ඉදිරියටත් ඔබම වන බවට කිසිදු සැකයක් නැත.හමුවෙන්නට හෝ අප පින් කළා යැයි සිතා

අමනාපය ...

  දවස් ගණනක් බලා උන්නද  ඔබේ වෙනසක් නෑ වගේ....  මෙතෙක් කල් මං බලන් උන්නේ  යාලු වෙයි කියලා අනේ... හිතේ නම් කිසි විටෙක තරහක්  ඇති වුනේ නම් නෑ මගේ...  නුඹ මගේ පණ වගේ හින්දයි  මෙතෙක් කල් මං ඉවසුවේ...  දවස ගානෙම නුඹව සිහිවෙන විටදි  දුක නම් වැඩි වගේ..  එත් මං දැන් මක් කරන්නද ? ඔබ තාම තරහින් වගේ...  නුඹේ සමහර වදන් මට නම්  පපුවෙ කටු අනිනව වගේ..  එත් කහටක් නෑ හිතේ මගෙ  නුඹයි මගෙ ලෝකය උනේ...  නුඹේ තරහා ඉවර වෙනකම්  බලන් ඉන්නම් මං ඔහේ .. ඉතින් හනිකට යාලු වෙනවද ? සිතින් පෙම්වතියයි මා ඔබේ.....  

කවියක්ය නුඹ මට....

Image
කවියක්ය නුඹ මට  නමක් දෙන්නට බැරිව ලත වෙන....  සසර හුරුවක් දැයි සිතෙයි මට  නමුදු මට එය සිතා ගනු බැරි....  පද පේළි ගළපන්න හැදුවද  එහිද ඇත්තේ හිස් බවක්මය... හැරදමා යන්නට සිතුන මුත්  සිතේ සවියක් නොමැත මා හට... යන්නටම වෙයි නමුත් දිනයක  බර වැඩියි දැන් මේ සුසුම් මට...    කඳුළු සුසුමන් අතර මැදිවී  මේ ගෙවෙන්නේ අපේ කාලය... කවද ඒවිද වසත් කාලය  මේ බැඳීමට නමක් හිමිවෙන.....      

හිමිකම.. ....

Image
   හිමිකමක් නැති හමුවක      දෙසිතක් ඇත....     හදවතින් පමණක් ලංව      ලංවීම සිහිනයක් උවද       සිතේ ඇත      දහසක් පැතුම්...     ඒ පැතුම් මල්ඵල ගැන්වෙන      දිනක් ඒවි නුදුරේම .....     හිනැහෙමු අපි එදාට      මේ කිසිත් නොවුනා  සේ..     හදවතින් පමණක් තුටුව ... 

ජීවිතය...

  තෙරක් නොපෙනෙන    මහා සයුරක ....   අතරමන් වී වාගේ  හැඟෙයි මට    කොහේ යන්නද.?   මක් කරන්නද ...?   සිතා ගැනුමට නොහැක    මේ මට ...   වෙරළ කවදා    මුණ ගැසේවිද ..?   සිත සිතා ඉන්නට    නොහැක මට ..   යා යුතුව ඇත ..   ගොඩබිමක් වෙත    මගේ සැනසුම ලබා ගන්නට. .. 

මිතුදම ....🍂🍂

Image
  හසරැල් පිරුණු මේ මිතුදම..විඳින්නෙමි මම තුටු පහටු වී  අහඹුවක් උවද අප දැන් මිතුරන් වී හමාරය ... මිතුරු ඇසුරට එහා ගිය  අපූරු වූ සහෝදර බැඳීම .... අප වට බැමි බැඳ ඇත  විටෙක නෝක්කාඩු කම් උවත්... අප බැඳීමේ තරම අඩුවක් නොවෙයි  උන්ගේ ප්‍රශ්න මගේත්  ප්‍රශ්නය ... උන්ගේ දුක මගේත්  දුකය ... ඉතින් දැන් මට උඹලා  මගේම උන්ය ... ඉඳිමු හැමදාම මේ ලෙස වෙනසක් නොවී  හසරැලි මැදින් මේ ලෙසම ...  

දීගෙක යන ඔහු....💔

  පෝරුවේ මස්තකේ මුල් ඇඳුම  ගත දරන් ... ඔබ සිටින උජාරුව  මැවි මැවී මට පෙනෙයි .. ඇයත් ඔබ අසලින්ම සේද සළු  ගත දරා ... මුව පිරී සිනහවෙන්  ඉඳිනු සැටි මට පෙනෙයි .. අද සිටන් ඈ ඔබේ  පතිනියයි ඔබේ ලොවේ.. සිතන්නට තහනම්ය  ඔබත් දැන් මගෙ නොවේ.. පතන්නෙමි ඔබ දෙදෙන  හිඳින්නට සතොසින්ම .. දුකක් නම් නොම වන්න  දිගාසිරි වැජඹෙන්න... මේ අසිරි පිළිගන්න  නව දිවිය අරඹන්න... අවසරයි නික්මෙන්න  මා ඔබේ පෙම්වතී  එදා තුරුලුව සිටී.....      

ඉතින් අම්මේ ....,

Image
 කඳුළු සඟවා සිනාසෙයි ඈ  මා  මුවේ සිනහා මවන්නට  නේක දුක් මැද  ඇය වෙහෙසුනේ  ඇය නොදුටු ලොව මට  පුදන්නය.....  පුංචි සන්දියේ ඉදන්  මා ගැන ඈ මැවූ  නෙක පැතුම් ඇත තව .... ඒ පැතුම් එකිනෙක සැබෑ වී  ඇගේ මුවගේ සිනහ ඇත අද නමුදු අම්මේ ඔබෙන් නික්මී..  ය යුතුව ඇත සරසවිය වෙත විගස එන්නම් ...... ඉතින් අම්මේ ........... උපාධිය හිස දරන් ඔබ වෙත ......    

Whatsඇප් 💚📱

Image
දවසින් දවස  මාරු වෙන Profile                                          පැයෙන් පැය වැටෙන Status                                              පෙන්වයි කාගේත් වගතුග                                                       Message,Reply පිරුණු  Chat,Group   අහස උසටය  කලබගෑනි පිරුනු Group chat, Group  call                           අස්සේ busy වුනු ජීවිත......... Last seen ඇති නැති උඩ  බැදීම් ගලපන  .........                                                                  අපූරු රග මඩලකි......                                                      Whatsඇප් ........

තුන් අවුරුදු පෙම....❣️🥀🖤

Image
 

ඇය....🌺✨️

Image
                 අඩසද වන් නළල                                                                                   නිලුපුල් වන් දෙනෙත                                                                               නාදළු වන් දෙතොල්                                                                               මවයි අපූරු රූ රටා                                                                                      උස් වූ ලැම                                                                                          සිහින් ඉග                                                                                              පුලුළුකුල                                                                                             මවයි සරාගී රූ රටා                                                                                    ප්‍රේමයත් රාගයත්                                                                                   කැටි වූ                                                                                 

ආදරණීය සබරෙ...,🍀

Image
 

අහිමි පෙම🖤

Image
✨️🖤✨️  සිතක් තිබුනා.. අහඹුවක හමුවුන... සිතැති ලතැවුල් නිවා සනහන ..මගේ වූයේ නැතත් ඒ සිත.. පෙම් කරමි මං දිවි පුරාවට ..ව්ටෙක සතුටය.. විටෙක කදුලය.. නමුදු ඒ තුළ විදිමි ප්‍රේමය.. හිමි ද අහිමි ද නොවැටහෙයි මට .....ඒ අහිමි පෙම මගෙම වේවිද ...?