නමක් නැති පෙම්වතා..

 ඉදින් මා දුටු සුන්දරම පිරිමියා නුඹයි..අපිරිමිත වූ ප්‍රේමයේ ප්‍රතිමූර්තිය මා ඔබ තුළින් දුටිමි.වින්දෙමි.අදටත් එහි කිසිදු  වෙනසක් නැත.පියා නැති මගේ ලෝකයේ අඩුව පිරවීමට ඔබ පැමිණියා දැයි විටෙක මම සිතුවෙමි.ඔබේ වදන් මා ගත මෙන්ම සිතද සුවපත් කිරීමට තරම් මිහිරිය.සුන්දරය.ඔබේ හැසිරීම,ඔබේ කතාබහ මා  තුළ ඇති කලේ අමුතුම වූ ප්‍රහර්ෂයකි.ඉදින් ඒ තරමටම ඔබ මගේ ආත්මය හා බැඳී ඇති බවට නොරහසකි.කවුරුත් නොදන්නා අපේ ප්‍රේමය අදටත් මා ආවර්ජනය කරනුයේ ඉතාම ලැදියාවෙනි,එය මට කටුක උවද ඒ තුල ඇති සුන්දරත්වයට මා අදටත් ප්‍රේම කරමි,ඔබව මට සිහි නොවෙන දිනයක් නොමැති තරම්ය .ඒ තරමටම ඔබට මා බැඳී ඇති බව පවසමි.ඔබටත් මා හට මෙන්ම මේ සියල්ල මතක දැයි ,ආවර්ජනය වනවා දැයි මම ඔබෙන් නොඅසමි .මන්ද යත් ඔබ දැන් මගෙන් වෙන් වී හමාරය.ඔබ ඇය හා එක් උවද ඒ පිලිබඳ හිතේ කහටක් නොමැත මා හට.පතන්නෙම තුටින්  ඉන්නට ඔබ දෙදෙන.ඔබේ ලෝකයේ කිරුළු පළදන්න බලා සිටියද වෙනකෙකු එම අඩුව පුරවා හමාරය. නමුදු සොඳුරේ,,මා පෙම් කරමි අදටත් එදා පෙම් ලොවේ දුටු ඔබට පණ මෙන්..ඉදින් මාගේ කුළුඳුල් පෙම්වතා එදත් අදත් ඉදිරියටත් ඔබම වන බවට කිසිදු සැකයක් නැත.හමුවෙන්නට හෝ අප පින් කළා යැයි සිතා පතන්නෙමි ඔබට දිගාසිරි  තුටින්ම වැජඹෙන්නට......            

 

මා ඔබේ එදා සිටි පෙම්වතී 

අදටත් පණ මෙන් පෙම් කරන ..... 


Comments

Post a Comment

Popular posts from this blog

කවියක්ය නුඹ මට....

බලාපොරොත්තුව...,

හිමිකම.. ....