දීගෙක යන ඔහු....💔

 පෝරුවේ මස්තකේ මුල් ඇඳුම 

ගත දරන් ...

ඔබ සිටින උජාරුව 

මැවි මැවී මට පෙනෙයි ..

ඇයත් ඔබ අසලින්ම සේද සළු 

ගත දරා ...

මුව පිරී සිනහවෙන් 

ඉඳිනු සැටි මට පෙනෙයි ..

අද සිටන් ඈ ඔබේ 

පතිනියයි ඔබේ ලොවේ..

සිතන්නට තහනම්ය 

ඔබත් දැන් මගෙ නොවේ..

පතන්නෙමි ඔබ දෙදෙන 

හිඳින්නට සතොසින්ම ..

දුකක් නම් නොම වන්න 

දිගාසිරි වැජඹෙන්න...

මේ අසිරි පිළිගන්න 

නව දිවිය අරඹන්න...

අවසරයි නික්මෙන්න 

මා ඔබේ පෙම්වතී 

එදා තුරුලුව සිටී.....      


Comments

Post a Comment

Popular posts from this blog

කවියක්ය නුඹ මට....

බලාපොරොත්තුව...,

හිමිකම.. ....