මිතුදම ....🍂🍂


 හසරැල් පිරුණු මේ මිතුදම..විඳින්නෙමි මම තුටු පහටු වී 

අහඹුවක් උවද අප දැන් මිතුරන් වී හමාරය ...

මිතුරු ඇසුරට එහා ගිය 

අපූරු වූ සහෝදර බැඳීම ....

අප වට බැමි බැඳ ඇත 

විටෙක නෝක්කාඩු කම් උවත්...

අප බැඳීමේ තරම අඩුවක් නොවෙයි 

උන්ගේ ප්‍රශ්න මගේත්  ප්‍රශ්නය ...

උන්ගේ දුක මගේත්  දුකය ...

ඉතින් දැන් මට උඹලා 

මගේම උන්ය ...

ඉඳිමු හැමදාම මේ ලෙස

වෙනසක් නොවී 

හසරැලි මැදින් මේ ලෙසම ...  

Comments

Post a Comment

Popular posts from this blog

කවියක්ය නුඹ මට....

බලාපොරොත්තුව...,

හිමිකම.. ....