Online සරසවිය....


 
දවස ගානේ zoom අස්සේ 

Lectures ඇත අහස උසකට 

Connection නැති උනෝතින් නම් 

කන්න වෙන්නේ වහ ටිකක්මය

 

සෙම් එකේ මුළු Note ඔක්කොම 

ගොඩගැහී ඇත බලන හැම අත 

Exam ළඟ ළඟම එන්නේ

අපේ කරුමෙට දැයි සිතේ මට  


Assigntment දෙයි දවස ගානෙම 

ඉවර කරනට කාලයක් නැත 

අනේ අපි මේ කුමක් කරමු ද?

තිත්ත වෙයි විටෙක නම් ඔක්කොම

 

කන්න බොන්නට වෙලාවක් නැත 

යන්න එන්නට නිදහසක් නැත

Online සරසවියේම අපි දැන් 

කොටස්කාරයො වී හමාරය ...   

Comments

Post a Comment

Popular posts from this blog

කවියක්ය නුඹ මට....

බලාපොරොත්තුව...,

හිමිකම.. ....