බලාපොරොත්තුව...,

ඇත සිතේ දහසක් පැතුම් 

ඔබේ නමින් පූදන්න...

ප්‍රේමයෙන් උමතු වී  

ඔබේ තුරුලෙ සැනසෙන්න...

එදා ගිය පාරේම 

යළි යළිත් පියඹන්න...

දොඩමළුව ඔබ හා 

කෙළිදෙලෙන් මට ඉන්න...

ඔබෙ දෙතොලෙ විඳි පහස 

මට යළිත් විඳගන්න...

එදා විඳි ඒ සුවය 

රිසි ලෙසම ලැබගන්න...

ඉතින් ආසයි යළිත් 

ඔබෙ පෙම්වතී වෙන්න...

බාධකත් ඇත එමට 

ප්‍රේමයෙන් ජයගන්න...

දනිමි එය මම හොඳට 

නමුදු සිත සොයයි ඔබ...

යන්නටම සිතුනු මුත් 

එදා හැරදා ඔබව...

ඔබ තරම් කිසි කෙනෙක් 

දැනුනෙ නෑ මේ හිතට...

එක්වෙන්න හැකි වෙයිද

යළි දිනෙක මේ අපට...

නොදන්නෙමි කිසිවක්ම

සිතේ ඇත පැතුම් තව...

පිළිතුරක් ලැබේවි 

ළඟදීම මේ අපිට...

එදින තෙක් හිඳින්නම් 

නෙත් අයා සන්සුන්ව...

ඔබෙ පෙම්වතී වෙන්න...   

             

  

 

Comments

Popular posts from this blog

කවියක්ය නුඹ මට....

හිමිකම.. ....