මුහුණු - රුවන් බන්ධුජීව
 මුහුණු - රුවන් බන්ධුජීව
                                              නූතන  කාව්‍ය සාහිත්‍ය තුළ පෙරමඟ සනිටුහන් කරන අපූර්ව
කාව්‍යදරයෙක් ලෙස රුවන් බැන්ධුජිව දැක්විය හැකිය. "මීළඟ මීවිත " කාව්‍ය
සංග්‍රහයේ එන "මුහුණු " නැමැති පද්‍ය පන්තිය මෙහිදී සුවිශේෂී වේ .
සහෘදයාගේ 
චිත්ත සන්තානයට ආමන්ත්‍රණය කරමින් ඔහු කාව්‍යකරණයෙහි ලා
දක්වා ඇති ප්‍රතිභාව  අපූර්වය.
                                          විරහවේ ශෝකයෙන් තැවෙන ප්‍රේමවන්තයෙකුගේ  ශෝකාලාපය මෙම
පද්‍ය නිර්මාණය වීමෙහි ලා තේමාව වී
ඇත. ඒ තුළ සහෘදයාගේ
සිත්හි සංවේගාත්මක සිතිවිලි උද්දීපනය කිරීමට කවියා දක්වා ඇති දක්ෂතාවය අපූර්වය. වචන වලට එහා
ගිය ගැඹුරු අරුතක්  කැටි කරමින් මෙම  පද්‍ය පන්තිය
නිර්මාණය වී ඇත.
                                          මෙම පද්‍ය  තුළ පෙම්වතිය සහ පෙම්වතා හමුවූ ස්ථානය හෙවත් “ගඟ” පිළිබඳව ඉතා
අපූර්ව වර්ණනයක් කවියා විසින් හුවා  දක්වා
ඇත. ඔවුන්ගේ ආදරයේ සංකේතය
මෙම ගංගාව වූ බව මෙහිදී ප්‍රකට වෙයි.
                                                  
“ ගඟේ මුහුණත් 
                                                 
  මගේ මුහුණත් 
                                                    බොහෝ කලකින් 
                                                  
 හමුවුනා”
                                         පෙම්වතා
විසින් බොහෝ කලකට
පසුව ගඟ අසලට ගිය බව මෙම පැදි පෙළ තුළ විග්‍රහ කරයි.  “බොහෝ කලෙකින්” යන්න ඇමැතීම තුළ කලකට ඉහත දී ඔහු වැඩිපුරම ගැවසුන
ස්ථානය මෙය බව පාඨකයාට ඒත්තු ගැන්වීමට කවියා මෙහිදී උත්සාහ දරා ඇත. ඔහු තනි වී
ඇති බවත් ඉතිරිව ඇත්තේ  ගඟ සහ ඔහු  පමණක් බවත් මේ තුළ  තව දුරටත් විග්‍රහ කරනු ලබයි.  පද්‍ය පන්තියෙහි චිත්ත රූප  මැවීමෙහි ලා සමත් තවත් ස්ථානයක් ලෙස මෙය දැක්විය
හැකිය. තම පෙම්වතියගේ ඇති
අඩුව ව්‍යංගව පැවසීමට කවියා ගත් අපූරු වෑයමක් ලෙස මෙම පැදිපෙළ  හුවා දැක්වීම අගනේය. එමෙන්ම මේ තුළ යොදා ඇති අනුප්‍රාසවත් බස්
වහර   ශබ්ද රසය තීව්‍ර  කිරීමෙහි ලා සමත් වී ඇත. 
                                               
                                              “මගේ මුහුණට
එබී බැලූ ගඟ 
                                              ඇඟිලි තුඩකින්
කසා තම හිස 
                                              මාව හඳුනා
ගන්න ලකුණක් 
                                              හොයන බව මට
වැටහුණා “
                                               තම පෙම්වතිය
නොමැතිව පැමිණි පෙම්වතාව හඳුනා ගැනීමට ගඟ අපොහොසත් වූ බව මෙහි සරල අර්ථය යි. නමුත් මේ වචන වලට එහා ගිය අරුතක් මෙම පැදි
පෙළ තුළ ගැබ් වී ඇත. ඔහු  සහ ඇය අතර තිබූ බැඳීමේ ශක්තිමත් බව සහ
අපූර්වත්වය මේ තුළ ප්‍රකට කරවයි. එකිනෙකාව නොමැති තරමට ඔවුන් බැඳී සිටි බව
කවියා පවසනුයේ රසික සිත් හි  ප්‍රේමාන්විත  සිතුවිලි සමුදායක් ජනිත කරලමිනි. මුල් කාලයේ ප්‍රේමයේ පවතින අපූර්වත්වය සහ
සුන්දරත්වය කාලයත් සමඟ වියැකී යන බව මේ තුළ පැහැදිලි වෙයි. ඇගේ නික්මයාමේ සංකේතය මේ පැදි පෙළ තුළ කැටි
කිරීමට ද කවියා ගත් උත්සාහය අපූර්වය.
                                              “සොඳුර ඔබ මා එකම වර
මිස 
                                              වෙන වෙනම දැක
පුරුදු නැති ගඟ 
                                              තවත් මොහොතක්
බලාගෙන හිඳ 
                                               වංගුවක් ගෙන
හැංගුණා”
                                       “සොඳුර” යන්න ඇමැතීම තුළ ඔහුට ඇය කෙරෙහි පවත්නා වූ  අසීමිත ආලය මනාව ගම්‍යමාන වෙයි. ඇය ඔහුව හැර ගියද තවමත් ඔහු එදා ලෙසම ඇයට
ප්‍රේම කරන බවට රසිකයාට ලබා දෙන්නා වූ ඉඟියක් ලෙස මෙය දැක්වීම අගනේ ය. “වෙන වෙනම දැක පුරුදු නැති ගඟ” යන්න තුළ ඔහුත්, ඇයත් එදා සිටම ගඟ අද්දර කාලය ගත කළ බවට
සංකේතයකි. ඔවුන්ගේ ප්‍රේම වෘතාන්තයේ
ආරම්භය මෙන්ම අවසානයද මෙම ගඟ තුළ සනිටුහන් වනු ඇති බවට නොරහසකි. ඔහුගේත් ඇයගේත්
අසමාන වූ ප්‍රේමයේ සෙවණැලි මෙම ගං පතුලේ 
නිසල ව තැන්පත් වී ඇති බවට කවියා පවසනුයේ සහෘදයා තුළ සංවේගයක් ජනිත කරලමිනි.
                                        සමස්තයක් ලෙස
ගත් කල විරහ වේදනාවෙන් සිටින්නාවූ පෙම්වතෙකු තම අතීත මතක ආවර්ජනය කරන ස්ථානය
මෙහිදී වඩාත් පිළිබිඹු කොට ඒ තුළ රසික සිත්හි චිත්ත රූප මවමින් මෙම පද්‍ය
නිර්මාණයෙහි ලා කවියා දක්වා ඇති දක්ෂතාවය අපූර්වය. සංකේතාත්මක බස් වහර මෙම කවියට ම අනන්‍ය වූ අපූර්ව
ලක්ෂණයක් ලෙස හුවා දැක්වීම අගනේය. ප්‍රේමයේත්
විරහවේත්  ඇති සහසම්බන්ධය  විග්‍රහ කරමින් නිර්මාණය වී ඇති මෙම පද්‍ය පන්තිය
නූතන කවියේ ඇති අපූර්වත්වය විෂද  කරවන
අපූරු නිර්මාණයකි.
❤️
ReplyDelete😍😍
ReplyDelete❤️
ReplyDelete❤
ReplyDelete♥️❤
ReplyDelete😊👌
ReplyDelete😍😍😍😍😍😍
ReplyDelete👌❤️
ReplyDelete❤🤗🤗
ReplyDelete❤️❤️
ReplyDelete