කවියක්ය නුඹ මට....


කවියක්ය නුඹ මට 
නමක් දෙන්නට බැරිව ලත වෙන.... 
සසර හුරුවක් දැයි සිතෙයි මට 
නමුදු මට එය සිතා ගනු බැරි.... 
පද පේළි ගළපන්න හැදුවද 
එහිද ඇත්තේ හිස් බවක්මය...
හැරදමා යන්නට සිතුන මුත් 
සිතේ සවියක් නොමැත මා හට...
යන්නටම වෙයි නමුත් දිනයක 
බර වැඩියි දැන් මේ සුසුම් මට...   
කඳුළු සුසුමන් අතර මැදිවී 
මේ ගෙවෙන්නේ අපේ කාලය...
කවද ඒවිද වසත් කාලය 
මේ බැඳීමට නමක් හිමිවෙන.....    



 

Comments

Popular posts from this blog

බලාපොරොත්තුව...,

හිමිකම.. ....